අතීතයේ සිටි සිංහලයෝ අප අවට පිහිටි විවිධ ගස්වැල් හා පැළෑටි පිළිබඳ තොරතුරු හොඳින් දැන සිටියහ. නමුත් වර්තමානය වනවිට එවැනි දැනුමැත්තන් කෙමෙන් අඩුවී යන බැව් පෙනෙන්නට තිබේ. බොහෝ ගස්වැල් හා පැළෑටි දුටුවිට එය කුමක්දැයි නම්කරන්නට දැනුමක් ඇති පුද්ගලයන් දුලභය. එයින් සිදුවන්නේ අප අවට ඇති වටිනා ගහකොළ පිළිබඳ ඇති වටිනාකම් කෙමෙන් අඩුවී යාමය. අප හා පරිසරය අතර ඇති සබැඳියාව මේ නිසා තුරන්ව යා හැකිය. මේ බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ විවිධ ස්ථානයන්හිදී හමුවන අප දන්නා හා නොදන්නා ගස්වැල් හා පැළෑටි පිළිබඳ කෙටි තොරතුරු, ඡායාරූප හා හැකි අවස්ථාවලදී වීඩියෝ දර්ශන ඉදිරිපත්කිරීමය. ඔබ දන්නා තොරතුරු හා ඡායාරූප ඇත්නම් අපවෙත දන්වන්න. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිසම වනු ඇත.

Saturday, October 26, 2013

තොටිල - Thotila - Totila - Oroxylum indicum




මූලාශ්‍රය - https://apeosupela.blogspot.co.uk

අප රට තුළ සෑම ප‍්‍රදේශයකම පාහේ ඉතා සාරවත් ලෙසත් බහුල ලෙසත් දැකීමට හැකි ශාකයක් වෙත්නම් ඒ තොටිලයි. එහෙත් කඳු මුදුන් හි තෙත සහිත පස මෙම ඖෂධීය ශාකය වැඩීම බහුල වෙයි.ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඉතා ශ්‍රේෂ්ඨ ඖෂධ සංයෝගයක් ලෙස සලකනු ලබන මෙම ඖෂධය පිළිබඳව අප දක්වන සැලකිල්ල මද වුවත් දේශිය වෛද්‍ය වරුන් මහත් ප‍්‍රතිඵල ලබයි.තොටිල ඖෂධ ශාකයේ සිංහල නම වූයේද තොටිලයි . සංස්කෘත නාමය අරඳු වූ අතර දෙමළ නාමය වූයේ වන්ගාමාරම් වේ. මෙම ශාකය කොළඹ වැනි ජනාකීර්ණ නගරයන්්හි බහුල වශයෙන් දක්නට ලැබේ. මේ ඖෂධ ශාකයේ බිග් නෝනියා කුලය වන අතර පර්යාය නාමය වූයේ ඉන්ඩිකාවේ මේ ශාකය තරමක ගසක් වුවත් හොදින් වැඩුණූ ගසක් අඩි 25 - 30 පමණ විශාල ශාක ද දැකිය හැකිවේ. අනෙකුත් ශාක මෙන් නොව ගසේ මුදුනේදී අතු බෙදී විහිදීමයි.

පත‍්‍ර ද එකිනෙකට සම්බන්ධ වී ඇත. සෘජුව වැඩෙන මෙම ශාකයේ පොත්ත ඝන වූ අතර කහ පැහැයෙන් යුත් දුඹුරු පැහැයක් ගනු ලබයි.මෙම ඖෂධ ශාකයේ මල් දම්පාට මිශ‍්‍ර කහ පැහැයෙන් යුක්ත වන අතර සාමාන්‍ය වශයෙන් ලොකු මලකි. මලක පෙති 05 ක් දැකීමට හැකිවේ. මෙහි බීජ කරල් තුළ හට ගන්නා අතර බීජ පැතලිය. මෙහි ඖෂධ ශාකයේ ඖෂධ වශයෙන් ගනු ලබන්නේ පොතු මුල් හා කරල් ය. මෙමගින් ප‍්‍රධාන වශයෙන් සුවවන ලෙඩ රෝග අතර අජීර්ණය අතීසාරය ආමවාත අර්ශස් රෝගය අග්නිමාන්දය යන ලෙඩ සුව වීමට මෙම ශාක තුළින් මහත් මෙහෙයක් සිදුවේ.තොටිල ශාකයේ පොතු ගල ගා ගෑමෙන් ඉදිමුම සුවවේ. තවද මෙම ශාකයේ මුල්පොතු තම්බා සාදන බෙහෙත් වලින් පීනස කාසරෝග යනාදිය සඳහා සංයෝග කර භාවිතා කරනු ලැබේ. තවද තොටිල ශාකයේ මුල් පොතු අඹරා තලතෙල් සමඟ මිශ‍්‍රකර මද ගින්නේ රත්කර කණට දැමීමෙන් කණේ අමාරු සුවවේ. කිසිඳු අපහසුවකින් තොරව සොයා ගැනීමට හැක. තොටිල ශාකයේ ඖෂධ ගුණය උපයෝගී කරමින්  ඖෂධීය ඔසු වර්ග නිෂ්පාදනයන් වෙළද පොළේ ඇත. මෙම ඖෂධයන් තුළින් වෙළඳපොළ තුළද මහත් ඉල්ලුමක් ඇති බැවින් දේශීය ආර්ථිකයට ද මහත් පිටුවහලක් වේ.
ජයසේන දෙදවලගේ

Source - http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=16479%3A2010-06-09-08-23-31&catid=60%3Aherbal&Itemid=109&lang=si

තොටිල ශාකය ශ්‍රී ලංකාවේ සැම පළාතකම වගේ කුඩා දිය සිරවන් ඇති ඉඩම් හා වෙල් අයිනේ,වගුරු අසල වැවෙන ගසකි.මෙය තරමක විශාල ශාකයකි.මෙහි කොළ ගත් කල දිගින් අගල් 6ක් පමණද පළලින් අගල් 4ක් පමණ පළලය.මල් තරමක් විශාලය.මල් ඇතුලත කහ පාට ගතියකින් යුක්තවේ.මල් වල පිට පැහැය මෙන්ම පොහොට්ටුද රතු නිල් පාටකින් යුක්ත වේ .ඉතා දිගු කරල් පිහිටා තිබේ.

තොටිල අතිසරයෙහි හා උණෙහි ප්‍රධාන දශමුලයට හා මහා පස්මුලේ වර්ග 5න් එකක් ලෙස සැලකෙන තොටිල මුල යොදා ගනී.ක්ෂය සදහා තොටිල දීමේදී ගර්භණි මවුන්ට දීම නොසුදුසු බව කියති.එබදු විටක හර්භාට අහිතකර බව දේශීය වෛද්‍යවරු විස්වාස කරති.ආමවාත රෝගීන් සදහා විපුල පල දෙන බව කියති.තොටිල වේදනානාශක ගුණයෙන්ද යුක්ත වේ.ඉන් නාඩි අවසාදක ක්‍රියාවක් සිදු නොවේ.එසේම එහි ඇති ස්වේද ජනක ගුණය නිසා උණ ඉක්මනින් බසින්නට හේතුවේ.මෙය දකුණු චීනය,ඉන්දියාව,ශ්‍රීලංකාව සහ මලයාසියාව යන රට වල සරුවට වැවේ.

පොතු විෂ නැසීමට යෙදේ. ලීය උලුවහු හා ජනෙල් සැදීමට යොදා ගනී.ළපටි කදන් හා  නොඉදුණ ගෙඩි එළවළුවක් ලෙසද භාවිතා කරයි.කද පොත්ත සායම් හා මැණික් කටයුතු සදහා භාවිතා කරයි.කහ පැහැයට හුරු සුදු සහ මෘදු ලීය ඉන්ධනයක් ලෙසද භාවිතා කරයි.පිලිපීන වැසියෝ මෙම ලීය ගිනි පෙට්ටි සැදීමට යොදා ගනී.

උද්භිත නාමය-Oroxylum indicum,Calosanthes indica

ශාක කුලය -BIGNONIACEAE

Source - http://sin.way2medicare.com/?p=186

තේක්ක - Teak - Indian Oak - Tectona grandis



දැනට විශාල ඉල්ලුමක්‌ පවතින දැව විශේෂයක්‌ වන තේක්‌ක ගසට වැඩි ජන අවධානයක්‌ යොමු ව තිබේ. තේක්‌ක ගසක්‌ වවා ගැනීමෙන් ලැබෙන ආර්ථික වාසිය දන්නා බොහෝ දෙනෙක්‌ ඉඩ ඇති තැනක තේක්‌ක පැළයක්‌ දෙකක්‌ වවා ගන්නට උනන්දු වෙති. එහෙත් තේක්‌ක ගස වවා ගන්නා පිළිවෙළක්‌ තිබේ. එසේ නො කළ හොත් අපේක්‍ෂා කරන ප්‍රතිඵල නො ලැබේ. එම පාලනය දැනගෙන ඒ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

තේක්‌ක ගස (Verbenaceae) වර්බේනේසියේ ශාක කුලයට අයත් ය. නිවර්තන කලාපීය හා උප නිවර්තන කලාපීය රටවල විශේෂයෙන් දැකගත හැකි ය. ප්‍රධාන වශයෙන් විශේෂ 03ක්‌ ලොව පුරා ව්‍යාප්ත ව ඇති බව සඳහන් වේ. ඒ විශේෂ පහත සඳහන් වේ.

Tectona grandis
Tectona hamiltoniana
Tectona philippinensis

ලෝකයේ වැඩි ම ඉල්ලුමක්‌ පවතින විශේෂය වන Tectona grandis සඳහා වැඩි ප්‍රසිද්ධියක්‌ පවතී. ආසියාවේ දකූණුදිග ප්‍රදේශයේ සහ දකුණු නැඟෙනහිර ආසියාතික රටවල ව්‍යාප්ත ව පවතී.

තේක්‌ක බොහෝ රටවල ව්‍යාප්ත ව පවතින වන වගාවක්‌ ලෙස මේ වන විට පත් ව තිබීම විශේෂත්වයකි. බුරුමය, ඉන්දියාව, තායිලන්තය, ජාවා දූපත, ඉන්දුනීසියාව, ලාඕසය, නේපාලය, බංග්ලාදේශය, පකිස්‌තානය, මැලේසියාව, පිලිපීනය, වියට්‌නාමය, අප්‍රිකානු රටවල්, කැරිබියන් දූපත් සහ දකුණු හා මධ්‍යම ඇමෙරිකානු රටවල ද වගාව ව්‍යාප්ත ව පවතින බව සඳහන් වේ.

විවිධ දේශගුණ රටාවන් තුළ වගා කළ හැකි බෝගයක්‌ වීම තේක්‌ක වගාවේ ව්‍යාප්තියට හේතු වේ. වියළි දේශගුණය වඩාත් ප්‍රිය කරන බෝගයකි. සාමාන්‍ය උෂ්ණත්වය අංශක 32-44 යටතේ වගා වන බෝගයක්‌ වීම ද විශේෂත්වයකි. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1000-1500 දක්‌වා පැවතීම ද වගාවට සෑහෙයි. අප රටේ ද වියළි හා අන්තර් මධ්‍යම කලාපීය ප්‍රදේශවල හොඳින් වගා කළ හැකි ය. පසෙහි පවතින සාරවත් බව මත ගසෙහි වර්ධනය වේගය ර¹ පවතී. ගැඹුරු ජලවහනය සහිත, සාරවත්, මැටි, වැලි ලෝම පස වඩාත් හිතකර ය. ච්‍ය අගය 6.6-7.5 අතර වන පස තේක්‌ක ගස හොඳින් වැඩීමට උපකාර වේ. ඉක්‌මන් වර්ධන වේගයක්‌ පවත්වා ගැනීම මේ වගාවේ දී ඉතා වැදගත් වේ.

තේක්‌ක ශාකය ආලෝකය ප්‍රිය කරයි. ඉතා පළල් වූ පත්‍ර හට ගනියි. පතනශීලී පත්‍ර සහිත ය. නොවැම්බර්, ජනවාරි මාසවල පත්‍ර හැළී තිබෙනු වගාවක පැහැදිලිව දැකිය හැකි ය. අප්‍රේල්, ජුනි මාසවල අලුත් පත්‍ර හට ගනී. පුෂ්ප හටගන්නා විට අලංකාරයක්‌ ගෙන දෙයි. කුඩා සුදු පාට පුෂ්ප මංජරි වශයෙන් ඇති වේ. ජුනි- අගෝස්‌තු දක්‌වා මේ පුෂ්ප හටගනී. මෙයින් හටගන්නා බීජ සිටුවීමට යොදාගනී. බීජවල ඝන බීජ ආවරණයක්‌ ඇති හෙයින් ස්‌වාභාවිකව ප්‍රරෝහණය වීම අඩු ය. තේක්‌ක බීජවලින් ලබාගන්නා පැළ සිටුවීමට යොදාගත හැකි ය. බීජ තවාන් කර පැළ ලබාගන්නා අතර හොඳ බීජ තෝරා පැළ කිරීමට යොදාගත යුතු ය. දුර්වල වූ බීජ ඉවත් කිරීමත්, බීජ ප්‍රතිකාර කිරීමත් අවශ්‍ය වේ.

තේක්‌ක බීජ පැළ කරන ක්‍රමය මෙසේ ය. මෝරන ලද තෝරාගත් තේක්‌ක බීජ දින 3ක්‌ ජලයේ පෙඟෙන්නට හැර ඉන්පසු ගොඩගෙන මඳ පවනේ තුනී කර තැබිය යුතු ය. මෙසේ දින 03ක්‌ තබා නැවතත් දින 2ක්‌ ජලයේ බහා තැබිය යුතු ය. ඉන්පසු නැවත ගොඩට ගෙන දින 2ක්‌ තුනී කර තබා නැවත දින 01ක්‌ ජලයේ පෙඟවීම අවශ්‍ය ය. ඉන්පසු නැවතත් දින 01ක්‌ එම බීජ මඳ පවනේ තුනී කර තැබීම අවශ්‍ය ය. සැම අවස්‌ථාවක ම ගොඩ ගන්නා බීජ මඳ පවනේ හොඳින් තුනී කිරීමට අවධානය යොමු කිරීම අවශ්‍ය ය. මේ ආකාරයට අවසාන දින වන විට දින 12ක්‌ ගත වී තිබේ. අවසාන වරට ගොඩ ගත් බීජ ගොඩගසා තෙත් ගෝනියකින් වසා දැමීම අවශ්‍ය ය. දිනපතා මේ ගෝනි තෙත් කළ යුතු වේ. දින 14ක්‌ ගත වන විට ප්‍රරෝහණය වූ බීජ දැකගත හැකි ය. පසේ ප්‍රරෝහණය වූ බීජ පමණක්‌ පාත්තිවල සිටුවීමට යොදාගත යුතු ය.

මේ බීජ පැළ මාස 6-8ක්‌ යන විට සෙ.මී. 15-60ක්‌ උසට වැඩෙයි. පොහොර මිශ්‍රණයක්‌ යෙදීම, වල් පැළෑටි මර්දනය, කෘමිනාශක යෙදීම ආදිය මඟින් පැළවල සාර්ථකභාවය වැඩි කළ හැකි ය. හොඳින් වැඩුණු පැළ (පැන්සලක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයට) පරෙස්‌සමෙන් ගලවා ගෙන ඉහළ අග්‍රස්‌ථ කොටස ඉවත් කළ යුතු ය. එසේ සූදානම් කරගත් මුල් කැබැලි වෙනත් පොලිතීන් බෑගයකට මාරු කර තවත් සති 2-6කට පසු සිටුවීමට යොදාගත යුතු ය.

තේක්‌ක මුල් කැබැලි සිටුවීමට ගන්නා විට වළවල් හෑරීමට අවශ්‍ය නො වේ. සෙ.මී. 20ක්‌ පමණ ගැඹුරට අලවංගුවකින් වළක්‌ හාරා තේක්‌ක මුල් කැබැල්ල අඟල් 1ක්‌ පමණ පොළොව මට්‌ටටම උඩින් සිටින ලෙසට එම වළෙහි තැන්පත් කර ඉන්පසු පස්‌ හොඳින් තද කර මුල සකස්‌ කර ගැනීම කළ යුතු ය.

තේක්‌ක වගාව ගොඩ ඉඩම්වල ද, ගෙවතුවල ද, වැට මායිම්වල ද, විශාල ඉඩම්වල වන වගාවක්‌ ලෙස ද සිදු කෙරෙයි. විවිධ පස්‌වල වගා කළ හැකි ය. බොහෝ විට අලුතින් කපා හෙළි කළ ඉඩම්වල ද, සරුවට තේක්‌ක ගස්‌ වැවී තිබෙනු දැකිය හැකි ය.

වාණිජ තේක්‌ක වගාවල දී අඩු පරතරයක්‌ ඇති ව පැළ සිටුවා පසුව තුනී කිරීම සඳහා වැඩිපුර ඇති ගස්‌ කපා ඉවත් කරයි. කුඩා පැළ වර්ධනයේ දී තරගකාරී තත්ත්වයක්‌ ඇති කිරීම මඟින් උසට කෙළින් වැඩුණු ගස්‌ ඇති කරගත හැකි ය. වාණිජ වගාවල දී පරතරය මීටර්

2 3/4 x 2 3/4 වන ලෙස තබාගනී. මේ පරතරය යටතේ හෙක්‌ටයාරයකට පැළ 1325ක්‌ පමණ අවශ්‍ය වේ. වැට මායිම්වල හෝ කුඩා ඉඩම්වල හෝ මීටර් 5දූ5 පරතරය තබා සිටුවීම කරනු ලැබේ.

තේක්‌ක පැළ සිටුවා ඒවා නිසි පරිදි නඩත්තු කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. පැළ වටා වල් පැළෑටිවලින් තොර ව තබා ගැනීම වැදගත් ය. පැළය වටේට මීටර් 1/2ක පමණ ප්‍රමාණයට කවාකාරව වල් නෙළා පිරිසිදුව තබා ගැනීම සුදුසු ය. භගඡගණ පොහොර මිශ්‍රණයක්‌ යෙදීම මඟින් පැළ සාර්ථකව වවා ගැනීමට පුළුවන. පැළ වටා පොහොර යොදා පස බුරුල් කරගත යුතු ය.

වගාවේ වැදගත් ම අංශය වන්නේ උසස්‌ දැව නිපදවා ගැනීමට හැකි වන පරිදි පවත්වා ගැනීම ය. කඳ මැදින් හා පහත ඇති අතු ඉවත් කර කඳ වටේ වැවෙන වෙනත් ශාක වැල් ආදිය තිබේ නම් ඒවා ද ඉවත් කිරීම අවශ්‍ය ය. තේක්‌ක ශාකයකට සිදු වන පළිබෝධ හානි ලෙස පත්‍ර කා දමන කෘමීන්, වේයන් සහ කොක්‌වාපර් පණුවා හැඳින්විය හැකි ය. එහෙත් මේ හානි එතරම් හානිදායක ලෙස වාර්තා වී නැත.

තේක්‌ක දැව සඳහා තිබෙන්නේ විශාල ඉල්ලුමකි. කුඩා රවුම් දැව ලෙස අවුරුදු 15-20 වයස්‌ වූ විට ද, මේරූ දැව ලෙස අවුරුදු 30-40 වයස්‌ වූ විට ද තේක්‌ක ශාක කපා ගනු ලබයි. තේක්‌ක දැව ඉවත් කිරීමේ දී ශාක සියල්ල එකවර ඉවත් කරනු නො ලබයි. අවස්‌ථා 5ක දී පමණ ශාක තුනී කිරීම සාමාන්‍යයෙන් කරනු ලබයි. දේශගුණික තත්ත්වයන් සහ පාංශූ සාධක මත වර්ධන වේගය වෙනස්‌ වන හෙයින් ලබාගත හැකි දැව ප්‍රමාණයේ වෙනස්‌කම් ඇති විය හැකි ය. ප්‍රථම තුනී කිරීම මඟින් ඉවත් වන ගස්‌ වැට කණු, රවුම් දැව ආදියට යොදාගනී. ගසේ කඳෙහි විෂ්කම්භය අනුව දැවවල වටිනාකම වෙනස්‌ වේ. හෙක්‌ටයාර එකක ඉඩමකින් ලබාගත හැකි දැව ප්‍රමාණයට ලැබෙන ආදායම රුපියල් ලක්‍ෂ 25-60 දක්‌වා වන බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ.

ඉදිරිපත් කරන්නේ
කෘෂි උපදේශක
සුසිලා රත්නසේකර

Source - http://www.vidusara.com/2010/02/24/feature6.html

Teak is the common name for the tropical hardwood tree species Tectona grandis and its wood products. The species is placed in the family Lamiaceae. Tectona grandis is a large, deciduous tree that is dominant in mixed hardwood forests. It has small, fragrant white flowers and papery leaves that are often hairy on the lower surface. It is sometimes known as the "Burmese Teak". Teak wood has a leather-like smell when it is freshly milled. Teak timber is particularly valued for its durability and water resistance, and is used for boat building, exterior construction, veneer, furniture, carving, turnings, and other small wood projects.[1] Tectona grandis is native to south and southeast Asia, mainly India, Indonesia, Malaysia, Thailand and Burma, but is naturalized and cultivated in many countries in Africa and the Caribbean. Burma accounts for nearly one third of the world's total teak production.
The word teak comes from the Tamil/Malayalam word thekku (தேக்கு or തേക്കു്), via the Portuguese teca,[citation needed] and is mentioned in the seventh-century literature of Tamil popularly known as the Tevaram.
Description

Teak is a large, deciduous tree up to 40 m (131 ft) tall with gray to grayish brown branches. Leaves are ovate-elliptic to ovate, 15–45 cm (5.9–17.7 in) long by 8–23 cm (3.1–9.1 in) wide, and are held on robust petioles that are 2–4 cm (0.8–1.6 in) long. Leaf margins are entire.


Flowers at Ananthagiri Hills, in Rangareddy district of Andhra Pradesh, India.


Flower, fruit & leaves of Tectona grandis in Kolkata, West Bengal, India.


U Bein Bridge Amarapura, Myanmar. The longest teak bridge in the world at 1.2 km (0.75 mi) in length.


Leaves of Tectona grandis in Palakkad, Kerala.
Fragrant white flowers are borne on 25–40 cm (10–16 in) long by 30 cm (12 in) wide panicles from June to August. The corolla tube is 2.5–3 mm long with 2 mm wide obtuse lobes. Tectona grandis sets fruit from September to December; fruits are globose and 1.2-1.8 cm in diameter.Flowers are weakly protandrous in that the anthers precede the stigma in maturity and pollen is shed within a few hours of the flower opening.The flowers are primarily entomophilous (insect-pollinated), but can occasionally be anemophilous (wind-pollinated).A 1996 study found that in its native range in Thailand, the major pollinator were species in the Ceratina genus of bees.
Distribution and habitat

Tectona grandis is one of three species in the genus Tectona. The other two species, T. hamiltoniana and T. philippinensis, are endemics with relatively small native distributions in Myanmar and the Philippines, respectively.[5] Tectona grandis is native to India, Indonesia, Malaysia, Myanmar, northern Thailand, and northwestern Laos.[2][3]
Tectona grandis is found in a variety of habitats and climatic conditions from arid areas with only 500 mm of rain per year to very moist forests with up to 5,000 mm of rain per year. Typically, though, the annual rainfall in areas where teak grows averages 1,250-1,650 mm with a 3-5 month dry season.[6]
Botanical history

Tectona grandis was first formally described by Carl Linnaeus the Younger in his 1782 work Supplementum Plantarum. In 1975, Harold Norman Moldenke published new descriptions of four forms of this species in the journal Phytologia. Moldenke described each form as varying slightly from the type specimen: T. grandis f. canescens is distinguished from the type material by being densely canescent, or covered in hairs, on the underside of the leaf, T. grandis f. pilosula is distinct from the type material in the varying morphology of the leaf veins, T. grandis f. punctata is only hairy on the larger veins on the underside of the leaf, and T. grandis f. tomentella is noted for its dense yellowish tomentose hairs on the lower surface of the leaf.[8]
Cultivation

Teak's natural oils make it useful in exposed locations, and make the timber termite and pest resistant. Teak is durable even when not treated with oil or varnish. Timber cut from old teak trees was once believed to be more durable and harder than plantation grown teak. Studies have shown that plantation teak performs on par with old-growth teak in erosion rate, dimensional stability, warping, and surface checking, but is more susceptible to color change from UV exposure.
The vast majority of commercially harvested teak is grown on teak plantations found in Indonesia and controlled by Perum Perhutani (a state owned forest enterprise) that manages the country's forests. The primary use of teak harvested in Indonesia is in the production of outdoor teak furniture for export.Nilambur in Kerala, India is also a major producer of Teak of fine quality, holds the world's oldest Teak plantation.
Teak consumption raises a number of environmental concerns, such as the disappearance of rare old-growth teak. However, its popularity has led to growth in sustainable plantation teak production throughout the seasonally dry tropics in forestry plantations. The Forest Stewardship Council offers certification of sustainably grown and harvested teak products. Propagation of teak via tissue culture for plantation purposes is commercially viable.
Much of the world's teak is exported by Indonesia and Myanmar. There is also a rapidly growing plantation grown market in Central America (Costa Rica) and South America.
Hyblaea puera, a moth native to southeast Asia, is a teak pest whose caterpillar feeds on teak and other species of trees common in the region.

Uses
Teak table
Teak is a yellowish brown timber with good grain and texture. Teak, though easily worked, can cause severe blunting on edged tools because of the presence of silica in the wood. Teak is often an effective material for the construction of both indoor and outdoor furniture. Teak's high oil content, high tensile strength and tight grain makes it particularly suitable for outdoor furniture applications. Over time teak can mature to a silvery-grey finish. It is used in the manufacture of outdoor furniture, boat decks, and other articles where weather resistance is desired. It is also used for cutting boards, indoor flooring, countertops and as a veneer for indoor furnishings. Teak is used extensively in India to make doors and window frames, furniture, and columns and beams in old type houses. It is very resistant to termite attacks. Mature teak fetches a very good price. It is grown extensively by forest departments of different states in forest areas.
Leaves of the teak wood tree are used in making Pellakai gatti (jackfruit dumpling), where batter is poured into a teak leaf and is steamed.[citation needed] This type of usage is found in the coastal district of Udupi in the Tulunadu region in South India. The leaves are also used in gudeg, a dish of young jackfruit made in Central Java, Indonesia, and give the dish its dark brown color.
Teak is used as a food plant by the larvae of moths of the genus Endoclita including E. aroura, E. chalybeatus, E. damor, E. gmelina, E. malabaricus, E. sericeus and E. signifer and other Lepidoptera including Turnip Moth.
Uses in boatbuilding
Teak tree in Panchkhal valley in Nepal
Teak has been used as a boatbuilding material for over 150 years. In addition to relatively high strength, teak is also highly resistant to rot, fungi and mildew. In addition, teak has a relatively low shrinkage ratio, which makes it excellent for applications where it undergoes periodic changes in moisture. Teak has the unusual properties of being both an excellent structural timber for framing, planking, etc., while at the same time being easily worked, unlike some other similar woods such as purpleheart, and finished to a high degree. For this reason, it is also prized for the trim work on boat interiors. Due to the oily nature of the wood, care must be taken to properly prepare the wood before gluing.
When used on boats, teak is also very flexible in the finishes that may be applied. One option is to use no finish at all, in which case the wood will naturally weather to a pleasing silver-grey. The wood may also be oiled with a finishing agent such as linseed or tung oil. This results in a pleasant, somewhat bland finish. Finally, teak may also be varnished for a deep, lustrous glow.
Teak is also used extensively in boat decks, as it is extremely durable and requires very little maintenance. The teak tends to wear in to the softer 'summer' growth bands first, forming a natural 'non-slip' surface. Any sanding is therefore only damaging. Use of modern cleaning compounds, oils or preservatives will shorten the life of the teak, as it contains natural teak-oil a very small distance below the white surface. Wooden boat experts will only wash the teak with salt water, and re-caulk when needed. This cleans the deck, and prevents it from drying out and the wood shrinking. The salt helps it absorb and retain moisture, and prevents any mildew and algal growth. People with poor knowledge often over-maintain the teak, and drastically shorten its life.
Alternatives to teak

Due to the increasing cost of teak, various alternatives have been employed. These include purpleheart, iroko, and angelique.
Propagation

Tree in new leaves in Kolkata, West Bengal, India.
Teak is propagated mainly from seeds. Germination of the seeds involves pretreatment to remove dormancy arising from the thick pericarp. Pretreatment involves alternate wetting and drying of the seed. The seeds are soaked in water for 12 hours and then spread to dry in the sun for 12 hours. This is repeated for 10–14 days and then the seeds are sown in shallow germination beds of coarse peat covered by sand. The seeds then germinate after 15 to 30 days.

Clonal propagation of teak has been successfully done through grafting, rooted stem cuttings and micro propagation. While bud grafting on to seedling root stock has been the method used for establishing clonal seed orchards that enables assemblage of clones of the superior trees to encourage crossing, rooted stem cuttings and micro propagated plants are being increasingly used around the world for raising clonal plantations.

Source - http://en.wikipedia.org/wiki/Teak


රම්පා - Rampa - Rampe - Pandanus amaryllifolius




ලංකාවේ වෙසෙන ඔබට රම්පෙ අමුතු දෙයක් නොවේ. ඕනෑම නිවසක රම්පෙ පඳුරක් දකින්නට ලැබේ. තම නිවසේ රම්පෙ තිබුණත් වෙළක නියරේ හෝ පාරේ කොතැනක හෝ රම්පෙ වැවී සරුවට තිබුණොත් ඉන් කොළයක් 2ක් කඩාගෙන ඒමට අප ගැමියා පුරුදුව සිටී.

කලක සිට පැවතෙන ලාංකීය අන්‍යතාවක් වැනිය. රම්පෙ, කරපිංචා ටිකක් අහලට පහලට ගියවිට රැගෙන ඒම විශේෂයෙන් රම්පෙ සුවඳ කාරකයකි. බත් පිසිනවිට රම්ප කැබැල්ලක් දමා ඉව්වොත් එය රසය සේම සුවඳ ද නොඅඩුව ලැබෙන බව දන්නා කරුණකි.

තෙලේ බැදගත්විට හෝ රත් කළවිට සැර ප්‍රනීත සුවඳක් හා රසක් ගෙනදෙනු ලබයි. රම්පෙවලට ම ආවේණික සුවඳක් ඇත. එය කෑම රුචිය වඩවන සුළුය. මස් හෝ මාළු ව්‍යංජන පිසින විටදී රම්පෙ භාවිතාවේ. අල ව්‍යංජන වැනි එළවළුවලදී ද රම්පෙ යොදාගනී. රම්පෙ අව්වේ වියළා ගැනීමෙන් පසුව ද භාවිතා කළ හැකිය.

රම්පෙ භාවිතය සමහර හාල්වල ඇති දුගඳ නැති කිරීමට ද ඉවහල් වන බව ගෘහණිය දනී. ඒ නිසා සහල්වල රම්පෙ කොළ කැබැල්ලක් දමා බත උයයි. එවිට එහි සුවඳට සහල්වල ඇති අපි‍්‍රය දනවන ගඳ පහව යයි. විශේෂයෙන් මෙය සුවඳකාරකයක් වේ.

සීනි සම්බලයකට, බැදුමකට රම්පෙ එකතු කරගැනීමෙන් වැඩි සුවඳක් සේම රසයක් ද මතුකර ගත හැකි බව ඔබ දන්නා කරුණකි. නිතර නිතර ඉවුම් පිහුම්වලදී ගෘහණිය රම්පෙ එකතු කරගන්නා නිසා පහසු ක්‍රමයකට එය එක්කර ගැනීමට නම් කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කරපිංචා සමඟ රම්පෙ ද ස්වල්පයක් එක්කර යාන්තමින් රත්කර කුඩුකරගන්න. එය ව්‍යංජනවලට එක්කරගැනීමෙන් රසය වඩ වඩා දැනෙනු ඇත.

නිතර දෙවේලේ සාදන කිරි හොදි, අල යනාදි වැනි ආහාර සඳහා රම්පෙ නැතුවම බැරි ගානය. ආහාර රස ගැන්වීම සේම ආහාර මේසය අලංකාරය පිණිසද රම්පෙ භාවිතා කළ හැකිය. තරමක ලොකු දිගටි කොළ පිහිටීම මෙහි ඇති සුවිශේෂී ගුණාංගයි. නිර්මාණයට පහසු කොළ ඇති බැවින් කෑම මේස අලංකාරයට යොදා ගැනීම සිදු කරයි.

රම්පෙ, පොඩි ගස් සේම ලොකු ගස් ද ඇත. මින් මෙහි ඇති නියම රම්පෙ රසය හා සුවඳ ගත හැක්කේ ලොකු ගස්වලිනි. පරිප්පු, කෙහෙල්මුව වැනි ව්‍යංජන තෙම්පරාදු කිරීමේදී හීනියට කපාගත් රම්පෙ එකතුකර ගැනීමේදී එයින් පි‍්‍රය උපදවන රසයක් ලැබේ. මුළුතැන්ගෙයිදී රම්පෙවලට විශේෂ ස්ථානයක් හිමිවන්නේ මෙවැනි කරුණූ හේතු කොටගෙනය.

අද වෙළඳපළේ ඇති රසකාරකවලට වඩා තම ගෙවත්තේ සිටුවන රම්පෙ වැනි ශාකයකින් රසකාරකයන් ගන්නට හැකි නම් නිරෝගී සම්පන්නව ජීවත්වීමට ඉඩ ලැබෙනවා නොඅනුමානයි.

Source - http://www.dinamina.lk/arogya/art.asp?id=2011/08/31/apg16_1


Pandanus amaryllifolius is a tropical plant in the Pandanus (screwpine) genus, which is commonly known as pandan leaves and is used widely in Southeast Asian cooking as a flavoring. The characteristic aroma of pandan is caused by the aroma compound 2-acetyl-1-pyrroline, which also gives white bread, jasmine rice and basmati rice (as well as bread flowers Vallaris glabra) their typical smell.[1] The plant is rare in the wild, but is widely cultivated. It is an upright, green plant with fan-shaped sprays of long, narrow, blade-like leaves and woody aerial roots. The plant is sterile, flowers only grow very rarely, and is propagated by cuttings.
Contents  [hide]
1 Culinary use
2 References
2.1 Sources
3 External links
Culinary use[edit]

In Bangladesh it is called ketaki, along with the other variety of pandan there (Pandanus fascicularis), and is used to enhance the flavor of pulao, biryani and sweet coconut rice pudding, payesh. It is called pandan wangi in Indonesian, soon-mhway in Burmese, pandan in Filipino, bai tooey in Thai, rampe in Sinhala, sleuk toi in Khmer, Daun Pandan in Nonya cooking [2] lá dứa in Vietnamese and बासमतिया पौधा [bɑːsmət̪ɪjɑː pɑʊd̪ʱɑː] "fragrant plant" in Magahi and Bhojpuri due to its fragrance.
The leaves are used either fresh or dried, and are commercially available in frozen form in Asian grocery stores in nations where the plant does not grow. They have a nutty, botanical fragrance which enhances the flavor of Indonesian, Singaporean, Filipino, Malaysian, Thai, Bangladeshi, Vietnamese, Chinese, Sri Lankan, Khmer and Burmese foods, especially rice dishes and cakes.

Biriyanikaitha in Kerala, India
The leaves are sometimes steeped in coconut milk, which is then added to the dish. They may be tied in a bunch and cooked with the food. They may also be woven into a basket which is used as a pot for cooking rice. Pandan chicken, or gai ob bai toey, is a Thai dish with chicken wrapped in pandan leaves and fried. The leaves are also used as a flavoring for desserts such as pandan cake and sweet beverages. Also, Filipinos use pandan as a flavoring in buko pandan salad.[3]
Bottled pandan extract is available in shops; it often contains green food coloring. The leaves also have a repellent effect on cockroaches.

Source - http://en.wikipedia.org/wiki/Pandanus_amaryllifolius


ගස්ලබු - Papaya - Papaw -Carica papaya




ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ” කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ.
පටුන
1 ප්‍රභේද
2 පෝෂණ ගුණය
3 ඖෂධීය ගුණය
4 ආහාරයක් ලෙස
4.1 පලතුරක් ලෙස
4.2 එළවළුවක් ලෙස
ප්‍රභේද[සංස්කරණය]

පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ.
ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.

පෝෂණ ගුණය

විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත්ය.

ඖෂධීය ගුණය

ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.

ආහාරයක් ලෙස

පලතුරක් ලෙස
පලතුරු සලාද සඳහා නැතිවම බැරි ඉදුණු ගස්ලබු ජෑම් සෑදීමටද කදිමය. පලතුරු සලාද සඳහා ගස්ලබු මිලදී ගන්නා විට හොඳින් ඉදුණු ඒවා නොව බාගෙට ඉදුණු ඒවා තෝරා ගැනීමට උනන්දු වන්න. මන්ද බාගෙට ඉදුණු ගස්ලබු කෑලි කැපීමට හැකි වුවද හොඳින් ඉදුණු ඒවා කෑලි කැපීමට අපහසුය. සලාදයක රස හොඳින් දැනෙනුයේ එය කෑලි වශයෙන් හැපෙන විටදීය. ගස්ලබු වලින් මෙම සලාද, ජෑම්, බීම වර්ග සෑදීමේදී සීනි අඩුවෙන් භාවිතා කිරීමට වගබලා ගන්න.

එළවළුවක් ලෙස
ඉදුණු ගස්ලබු මෙන්ම අමු ගස්ලබු ද ආහාරය පිණිස ගැනේ. සාමාන්‍යයෙන් අමු ගස්ලබු ආහාර දිරවීම පහසු කරන අතර තද ගතියෙන් යුතු ආහාර මෘදු කර ගැනීමට ද භාවිතා කෙරේ. එපමණක් නොව අමු ගස්ලබු දේශීය අච්චාරුවට නැතිවම බැරි දෙයකි. සිහින්ව කපා බාගෙට තැම්බූ ගස්ලබු විනාකිරෙන් පැසුණු කළ මුවඟට එක්කරනුයේ අපූර්ව රසයකි. එපමණක් නොව එහි සුවඳින් කෑමට රුචියද වඩවාලයි. මැල්ලුමක් ලෙසින්ද ව්‍යාංජනයක් ලෙසින්ද වඩා රසවත් මෙය නිතර දෙවේලේ කටට හුරු රසය වෙනුවට ඔබට නැවුම් රසයක් ලබාදේ.

අද වෙළෙඳ පොළේ විවිධ ප‍්‍රමාණයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ පැපොල් විකිණීමට ඇති නමුදු ගසෙහිම ස්වභාවිකව ඉදුණු ගෙඩියක් තෝරා ගැනීම අපහසු වී ඇත. මන්ද එත්රල්, කාබයිඩ් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගීත්වයෙන් ඉඳවා ගත් ගෙඩිද ඒ අතර ඇති බැවිනි. සාමාන්‍යයෙන් එතිලින් වායුව පලතුරු ඉදවීමට උදව් වන වායුවකි. මෙම එතිලින් වායුවෙන් නිපදවෙන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය නියමිත පරිමාවකි ශරීරයට ද අහිතකර නොවේ. නමුත් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොව තම ලාභ ප‍්‍රයෝජනය ගැන සිතන වෙළෙඳුන් බොහොමයක් මෙම එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය ගස්ලබු වලට එන්නත් කරනු ලබයි. එවිට නොපැසුණු ගෙඩි වුවද දිනයකින් පමණ ඉදවා ගත හැකි අතර ඒ තුළින් විෂ ශරීරගත විම වැළැක්විය නොහැකිය. එබැවින් ඔබ ගස්ලබු මිලදි ගැනීමේදී පිට පොත්තේ සිදුරු තිබේදැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. එපමණක් නොව තැලුණු, පිට පොත්තේ කළු ලප, දුඹුරු ලප ඇතිවුණු ගස්ලබුද මිලදී නොගන්න.ස ෑම විටම අලුත් පෙනුමැති, ස්වභාවික සුවඳින් යුතු ගස්ලබු තෝරා ගැනීමට වගබලාගත යුතු අතර අව්වේ තබා කැකෑරුණු, කුණු, දූවිලි ගැවසුණු ගෙඩි මිලදී නොගන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදුණු ගෙඩියක් නම් එය ස්වභාවිකව ඉදුණු ගෙඩියක් වන අතර සම්පූර්ණයෙන්ම එකම වර්ණයක් ගන්නා ගස්ලබු රසායනික ද්‍රව්‍ය යෙදූ ඒවා විය හැකිය. එබැවින් මේ තත්ත්වය හොඳින් අවබෝධ කොට පිරිසුදු ගස්ලබු ගෙඩියක රස විඳින්න සෑම විටම උත්සාහ ගත යුතු වේ. මේ දිනවල වෙළෙඳ පොළේ තරමක් විශාල ප‍්‍රමාණයේ ගස්ලබු වර්ගයක් අලෙවි වන අතර ඒවා රතු පැහැති වර්ණයක් ගනියි.

Source - http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B6%E0%B7%94

රසවත් පලතුරු වර්ග රැසක් අප අවට තිබුණද බොහෝ විට ඒවා කාලයකට හෙවත් “වාරයට” දක්නට ලැබෙන පලතුරුය. නමුත් අද මේ කතා කරන්න යන්නේ නිතර දෙවේලේ අපේ නෙත ගැටෙන නිරන්තර ඵලදාවක් ලැබෙන පලතුරක් ගැනයි. ගුණයෙන් හා රසයෙන් පිරුණු ගස්ලබු එහෙමත් නැතිනම් පැපොල් ගැන අප නොදන්නා කරුණු කිහිපයක් සොයා වෙළෙඳ පොළ වටා සවාරියක් යන්නයි අපේ මේ සූදානම. ඇමරිකාවේ නිවර්තන ප‍්‍රදේශයන් නිජබිම කොටගෙන වැඩුණු පැපොල් “කැරිකේසේ” කුලයට අයත් වේ. රසය, ගුණය මෙන්ම පෝෂණයද අධික පලතුරක් ලෙස හැඳින්වෙන මෙහි උද්භිද විද්‍යා නාමය”Carica papaya” නම් වේ. පෝෂණ ගුණයෙන් පමණක් නොව ඖෂධීය ගුණයෙන්ද සපිරි මෙම ගස්ලබු විවිධ උෂ්ණත්වයන් යටතේ වගාකළ හැකි අතර ඕනෑම ප‍්‍රදේශයක ද පහසුවෙන් වගා කළ හැකිය. එපමණක් නොව පොල් අන්නාසි වැනි භෝගයක් සමඟ අතුරු භෝගයක් ලෙසින්ද වැවිය හැකි ඵලදායි ආර්ථික භෝගයක් ලෙසින්ද හැඳින්වේ. පැපොල් ප‍්‍රභේද වර්ග කිහිපයකි. රත් රෙඩ්, ලෙඩ්, සෝලෝ හවායි, රත්න පැපොල් ආදී වර්ග කිහිපයක් ඒ අතර වේ. ඵල හට නොගන්නා පැපොල් ගස්ද ඇති අතර මල් ගස්ලබු, රෑන ගස්ලබු යන නම් වලින් ඒවා හැඳින්වේ.  විටමින් සී බහුල පලතුරක් වූ පැපොල් වල සුක්රෝස්, ඩෙක්රෝස්, මැලික් අම්ලය, සිට්රේට්, පෙක්ටින් ආදියද අන්තර්ගතය. ඊට අමතරව විටමින් ඒ, බී, බී 2 සහ යකඩ, කැල්සියම් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් ද පොහොසත් ගස්ලබු කුසගිනි වඩවන පලතුරක් ලෙසින්ද හඳුන්වයි. පලතුරු සලාද සඳහා නැතිවම බැරි ඉදුණු ගස්ලබු ජෑම් සෑදීමටද කදිමය. පලතුරු සලාද සඳහා ගස්ලබු මිලදී ගන්නා විට හොඳින් ඉදුණු ඒවා නොව බාගෙට ඉදුණු ඒවා තෝරා ගැනීමට උනන්දු වන්න. මන්ද බාගෙට ඉදුණු ගස්ලබු කෑලි කැපීමට හැකි වුවද හොඳින් ඉදුණු ඒවා කෑලි කැපීමට අපහසුය. සලාදයක රස හොඳින් දැනෙනුයේ එය කෑලි වශයෙන් හැපෙන විටදීය. ගස්ලබු වලින් මෙම සලාද, ජෑම්, බීම වර්ග සෑදීමේදී සීනි අඩුවෙන් භාවිතා කිරීමට වගබලා ගන්න.
ඉදුණු ගස්ලබු මෙන්ම අමු ගස්ලබු ද ආහාරය පිණිස ගැනේ. සාමාන්‍යයෙන් අමු ගස්ලබු ආහාර දිරවීම පහසු කරන අතර තද ගතියෙන් යුතු ආහාර මෘදු කර ගැනීමට ද භාවිතා කෙරේ. එපමණක් නොව අමු ගස්ලබු දේශීය අච්චාරුවට නැතිවම බැරි දෙයකි. සිහින්ව කපා බාගෙට තැම්බූ ගස්ලබු විනාකිරෙන් පැසුණු කළ මුවඟට එක්කරනුයේ අපූර්ව රසයකි. එපමණක් නොව එහි සුවඳින් කෑමට රුචියද වඩවාලයි. මැල්ලුමක් ලෙසින්ද ව්‍යාංජනයක් ලෙසින්ද වඩා රසවත් මෙය නිතර දෙවේලේ කටට හුරු රසය වෙනුවට ඔබට නැවුම් රසයක් ලබාදේ. ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සඳහා ගස්ලබු ඖෂධයක් ලෙසින් භාවිතා කරන අතර මළ බද්ධයට ඉක්මන් සහනයක් ලබාදේ. එපමණක් නොව ගස්ලබු ගසෙහි මුල් සර්ප දෂ්ඨනයේදී ඖෂධ ලෙසින්ද භාවිතා කරන අතර කොළ, මුල්, ගෙඩි, කිරි ආදි සියල්ලම ඖෂධ ලෙසින් පාවිච්චියට ගැනේ.  අද වෙළෙඳ පොළේ විවිධ ප‍්‍රමාණයන්ගෙන් විවිධ මිල ගණන් යටතේ පැපොල් විකිණීමට ඇති නමුදු ගසෙහිම ස්වභාවිකව ඉදුණු ගෙඩියක් තෝරා ගැනීම අපහසු වී ඇත. මන්ද එත්රල්, කාබයිඩ් ආදී විවිධ රසායනික ද්‍රව්‍ය උපයෝගීත්වයෙන් ඉඳවා ගත් ගෙඩිද ඒ අතර ඇති බැවිනි. සාමාන්‍යයෙන් එතිලින් වායුව පලතුරු ඉදවීමට උදව් වන වායුවකි. මෙම එතිලින් වායුවෙන් නිපදවෙන එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය නියමිත පරිමාවකි  ශරීරයට ද අහිතකර නොවේ. නමුත් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොව තම ලාභ ප‍්‍රයෝජනය ගැන සිතන වෙළෙඳුන් බොහොමයක් මෙම එත්රල් නැමැති රසායනික ද්‍රව්‍යය ගස්ලබු වලට එන්නත් කරනු ලබයි. එවිට නොපැසුණු ගෙඩි වුවද දිනයකින් පමණ ඉදවා ගත හැකි අතර ඒ තුළින් විෂ ශරීරගත විම වැළැක්විය නොහැකිය. එබැවින් ඔබ ගස්ලබු මිලදි ගැනීමේදී පිට පොත්තේ සිදුරු තිබේදැයි විමසිලිමත් වීම ඉතා වැදගත්. එපමණක් නොව තැලුණු, පිට පොත්තේ කළු ලප, දුඹුරු ලප ඇතිවුණු ගස්ලබුද මිලදී නොගන්න.ස ෑම විටම අලුත් පෙනුමැති, ස්වභාවික සුවඳින් යුතු ගස්ලබු තෝරා ගැනීමට වගබලාගත යුතු අතර අව්වේ තබා කැකෑරුණු, කුණු, දූවිලි ගැවසුණු ගෙඩි මිලදී නොගන්න. ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදුණු ගෙඩියක් නම් එය ස්වභාවිකව ඉදුණු ගෙඩියක් වන අතර සම්පූර්ණයෙන්ම එකම වර්ණයක් ගන්නා ගස්ලබු රසායනික ද්‍රව්‍ය යෙදූ ඒවා විය හැකිය. එබැවින් මේ තත්ත්වය හොඳින් අවබෝධ කොට පිරිසුදු ගස්ලබු ගෙඩියක රස විඳින්න සෑම විටම උත්සාහ ගත යුතු වේ. මේ දිනවල වෙළෙඳ පොළේ තරමක් විශාල ප‍්‍රමාණයේ ගස්ලබු වර්ගයක් අලෙවි වන අතර ඒවා රතු පැහැති වර්ණයක් ගනියි. මැලේසියන් ගස්ලබු ලෙසින් හඳුන්වන මෙම ගස්ලබු වැඩි වශයෙන් අලෙවි වන්නේ සුපිරි වෙළෙඳ සල් වලය. සාමාන්‍ය පලතුරු වෙළෙඳ සල් වලද අලෙවි වන මේ ගෙඩියක් කිලෝ දෙකක් තුනක් පමණ බරැතිය. ලංකාවේ වගා කරන නව ප‍්‍රභේදයක් ලෙසින් හඳුනාගෙන ඇති මේ මැලේසියන් ගස්ලබු ගෙඩියක් රුපියල් 20 ක් 40 ක් අතර මිලකට අලෙවි කෙරේ.
චම්පා වරුසප්පෙරුම

Source - http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=18336%3A2010-06-09-05-41-28&catid=57%3Afruit-farming&Itemid=107&lang=si


The Papaya Leaf contains the fermenting agent myrosin, alkaloids, rutin, resin, tannins, carpaine, dehydrocarpaines, pseudocarpaine, flavonols, benzylglucosinolate, linalool, malic Acid see details, methyl salicylate, another enzyme, chymopapain (latex and exudate), calcium, iron, magnesium, manganese, phosphorus, potassium, Zinc beta-carotene, B-vitamins and vitamins A, C and E. However, the papaya seeds have not yet been adequately researched.

This tree has male and female plants, and may grow to 6-8 meters in tropical well watered slightly acidic soils. Its leaf and milky latex contains Papain, an enzyme which breaks down meat. Hence papaya leaves are used to tenderize meat. Using papaya leaf in salads is said to help heart-burn, and indigestion, against worms, herpes, prostrate inflammation.
It is included in commercial preparations as a meat tenderizer and often used for that purpose in restaurants, and it also used commercially in chewing gums and as a stabilizing agent that is used to clarify beer. Papaya Leaves were even fed to animals to tenderize their flesh.
Papaya juice has been used in the Philippines for various types of viral fever including Dengu. The juice from crushed Payaya-leaf has been claimed to normalizes blood platelet in Dengue patients in Sri Lanka.   see also for other claimed herbal cures for Dengu fever.

It has also been claimed as an anti-cancer agent. Sunday Observer 25-July2010 report of clinical trial with controls

Source - http://dh-web.org/place.names/bot2sinhala.html



තිප්පිලි -Thippili - Balanophora fungosa


සෙමට ගුණ දෙන තිප්පිලි ආයුර්වේදයෙහි තිකුළු ලෙස දැක්වෙන ද්‍රව්‍ය අතරින් එකකි වෙළෙඳ පොළෙහි වර්ග කිහිපයක් ඇත. ඒවා නම් තිප්පිලි (වගපුල්) කුඩා කරල් සහිත (ගජ තිප්පිලි (අක්වගපුල්) – විශාල කරල් සහිත (මුරුක්කු තිප්පිලි) - ඇඹරුණු කරල් සහිත යනුවෙන් හැඳින්වේ. බිම දිගේ්වැතිර යන වර්ගය මෙන් ම කුඩා පඳුරක් ලෙස අඩි 2 ක් පමණ උසට වැඩෙන වර්ගයක්ද දක්නට ලැබේ.

උද්‍යානවල වවනු ලබන ශාකයක් වන තිප්පිලි, ශ්‍රී ලංකාවේ පහතරට වියළි ප්‍රදේශවල වැවේ. හොඳින් ජලය බැස යන ලෝම පසක්, මනාව හිරු එළිය වැටෙන සෞම්‍ය දේශගුණයක් මෙම වගාවට ඉතා සුදුසුයි. මද සෙවණැති ස්ථානවලට අවශ්‍ය ජලය සැපැයීමෙන් වියළි කලාපයේ වුවද මේවා වවා ගත හැකියි.

මෙහි ඖෂධ සඳහා මුල් වියළි කරල් ප්‍රයෝජනයට ගනී. වා පිත් සෙම් සමනය කරයි. කුසගින්න නිවයි. ආහාර දිරවීම පහසු කරයි. පණුවන් නසයි.

අප පැරැණි වෙළෙඳ පොළවල තිප්පිලි ඖෂධය විවිධාකාරයෙන් රෝගවලදී අත් බෙහෙත් ලෙස භාවිත කර ඇත.

තන කිරි වැඩි වීමට තිප්පිලි මුල් හා ගම්මිරිස් මුල් චූරණය එළකිරෙන් බීමට දෙන්න. තිප්පිලි කරල් චූර්ණය තල තෙලින් බැද කොල්ලු ක්‍ෂාය සහ සූකිරි සමඟ බීම සෙම් සහිත කැස්සට සුදුසු වේ. තිප්පිලි කුඩු  කොටස් එකක් උක් හකුරු හෝ සූකිරි කොටස් දෙකක් මිශ්‍ර කර වරින් වර කෑම ඇදුමට සහ පරණ කැස්සට සුදුසුයි.

ඒ වගේම තිප්පිලි හෝ තිප්පිලි මුල් අඹරා නැවුම් ඇතිලියක ඇතුළු පැත්තේ හා එම භාජනයේ මීකිරි මුදවා එම කිරි වලින් තැනූ මෝරු දිනපතා පානය කිරීමෙන් අර්ශස් රෝගීන්ට සුවදායක වේ.

තිප්පිලි තරමක් උෂ්ණාධික ය. කටුක රසයෙන් යුක්තය. විරේචනය, ස්වාසය, කැස්ස, උදරය, උණ, කුෂ්ඨරෝග, ප්‍රමේහ, අර්ශස්, පිලාවෙහි දෝෂ, ආමවාත, නැසීම කරයි. අමු තිප්පිලි සෙම වඩයි. ශීතලයි. වියළි තිප්පිලි පිත කෝප කරයි. තිප්පිලි කරපිංචා, අරළු එක සමානව ගෙන සිහින් වීමට කොටා රෙද්දකින් හලා හදාගත් චූර්ණය උණු දිය සමග මිශ්‍ර කර පෙවීමෙන් කුඩා දරුවන්ගේ අජීර්ණ හා බඩ පිපුම නැති කරයි.

ආහාර රුචිය ඇති කිරීමට තිප්පිලි හා ඉගුරු කුඩු කර කෝපි මෙන් සාදා බොන්න.

නෙල්ලි කුඩු, තිප්පිලි කුඩු, ඉඟුරු කුඩු, අරළු කුඩු, සීනි හා ෂලඳ කුඩු යන මේවා සම සමව මිශ්‍ර කර මී පැණි හා තල තෙලින් අනා වරින් වර ලේප කරන්න.

එය කැස්සට තවත් අත් බෙහෙතකි. එසේම කටුවැල්බටු තිප්පිලි සම සමව ගෙන කුඩු කර මී පැණියෙන් අනා වරින් වර ටික ටික කෑමෙන් කැස්ස දුරුවේ. වියළි ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි මේවා කලං දෙක බැගින් ගෙන වතුර පත 8 – 4 ට සිඳ බැදි හාල් කලං 6 ක් දමා 1 ට සිඳ පෙරා තිප්පිලි කුඩු දමා වරකට පත 1 / 2 බැගින් උදය සවස පානයට සුදුසු වන්නේ සෙම්ප්‍රතිශ්‍යාවටයි. තිප්පිලි පැළයේ අතු බෙදෙන කඳ සිලින්ඩරාකාරය.

පත්‍ර පාදය හෘදාකාර වන හා රවුම්ව පිහිටි පාදයකින් යුක්තය. තද කොළ පැහැති දිලිසෙන සුළු මතුපිටින් ද පහළ පෘෂ්ඨයේ කැපී පෙනෙන නාරටි ද සහිත පත්‍ර වේ. කෙඳ් ගැටවලින් පැන නගින ආගන්තුක මුල්වලින් පසට සවි වේ. වෙන වෙන ශාකවල පිහිටන ස්ත්‍රී මල් සහ පුරුෂ මල් හට ගන්නේ නටුවක ගිලී ඇති අයුරෙනි. රවුම් පල ඉතා කුඩාය. මාංසල නටුවේ සම්පූර්ණයෙන් ම ගිලී ඇත. මුළු වසර පුරාම මල් හට ගනී.

Source - http://www.dinamina.lk/arogya/art.asp?id=2010/12/22/apg02_0

තිප්පිලි වැල් ලංකාවේ සමහර පළාත් වල මෙන්ම උතුරු හා දකුණු ඉන්දියාවේද නේපාල ආසම් ආදී පළාත් වලද සාමාන්‍යයෙන් වැවේ.මෙම වර්ගයේ උප්පත්තිය මගධ දේශයේ බැවින් “මග්ධෝභව” යන සංස්කෘත යන නාමය තිප්පිලි වලට විවහාර කරති.සංස්කෘත බසින් පිප්පලි යන්නෙන් භින්න වූ තිප්පිලි යන නම මීට සමාන ලෙස විවහාර කෙරේ.

අයුර්වේද චිකිස්සවෙහි ප්‍රබල සෙම දුරලන ද්‍රව්‍යක් ලෙස නැගෙන තිප්පිලි වගපුල් යනුවෙන් සිංහලයෙන් දැක්වේ.ශ්‍රී ලංකාවේ ඕනෙම පළාතක වැවෙන මුත් සුලභව දැකිය හැක්කේ තෙත් ප්‍රදේශ වලය.විශේෂයෙන් මාධ්‍යම උස් ප්‍රදේශ වල ඉතා සක්‍රියව වැවේ .තිප්පිලි සෘෂි යුගයේ සිට භාවිතා වන බව මුලික ග්‍රන්ථ වල සදහන්ය. දේශීය වෛද්‍යවරු සාමාන්‍ය තිප්පිලි “වගපුල්” ලෙස හදුන්වන අතර සිවිය වලේ කරල ගජ තිප්පිලි ලෙස හදුන්වනු ලැබේ.සමහර ග්‍රන්ථ වල වර්ග 4ක් ඇත.ලොකු හා කුඩා වශයෙන්ද තිප්පිලි හා ගජ තිප්පිලි වශයෙන්ද බෙදේ.එමෙන්ම තිප්පිලි ගජ තිප්පිලි ශහලි සහ වන තිප්පිලි යනුවෙන්ද බෙදීම් කරනු ලැබේ.

තිප්පිලි මුළු ලොව පුරාම භාවිතා වන වග මෙම ශාකයට ඇති පර්යාය නාමයෙන් පැහැදිලි වෙයි.එමෙන්ම තිප්පිලි හෘහඖෂධයක් වශයෙන් භා භාවිතා වන්නේ ඉතා ඈත කාලයක සිටය.තිප්පිලි වලගසහල් කබලේ බැද කුඩු කර උදැසනම හිස් බඩ මි පැණි සමග මෑණියන් අපට දුන්නේ පණු රෝග හා සමේ රෝග නැතිවන්නටය.

තිප්පිලි දුම් අල්ලන්නටද යෙදේ.ගැමියාගේ බුලත් මල්ලෙහි ඇත.ඒ තිප්පිලි බුලත් විට සමග එක් වූ විට වෙනස් රසයක් ලැබෙන බැවිනි.තිප්පිලි මුල් හා ගම්මිරිස් මුල් කුඩු කරගෙන එළකිරි සමග බිමට දීම තන කිරි වැඩෙන්ට උපකාරී වන බවට ගැමි ලදුන් හා වෙද මහතුන්ගේ අතර ප්‍රකට කරුණකි.

උද්භිත නාමය -piper longum Linn

ශාක කුලය -piperaceae

රසායනික උද්පාදන

ගිනි වැඩයි,වීර්ය වැඩයි,පසිමෙහි යහපති,මදක් උෂ්ණයි,කටුක රසයි,වාතය හා සෙම නසයි,අමු තිප්පිලි සෙම වැඩයි,තිප්පිලි මුල් බඩගිනි වැඩයි,ක්ෂරෝගය නැති කරයි.

(මූලාශ-ඖෂධිය ශාක සංග්‍රහය 4 ,පණ්ඩිත ග්‍රේබ්රියල් ගුණවර්ධන)

Source - http://sin.way2medicare.com/?p=129

කළාඳුරු - Kalanduru


දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ නැතිවම බැරි ඖෂධයක් වේනම් ඒ කළාඳුරු ඖෂධයයි. විශේෂයෙන් බොහෝ දෙනා හඳුනන ඖෂධ ශාකයකි. තරුණ, මහලු සියලු දෙනාට එකසේ ප‍්‍රයෝජනයට ගත හැකි ඖෂධයකි. මෙම ඖෂධ ශාකය කෙලින් වැඩෙන සිහින් කොළ ඇති කුඩා අලයක් සහිතව හටගනී.මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයේ CYPERUS ROTUNDUS  යනුවෙන් ද, කුලය CYPERACEAE (මුස්තක) ලෙසිනි. මෙම ශාකයේ විශේෂත්වය නම් අප රටේ සෑම ප‍්‍රදේශයකම වැඩීමයි. කළාඳුරුවල මල් ඉතා සරලව පිහිටනු ලබයි. මෙහි බීජ ඇට කළු පාටින් යුක්ත වේ. තවද කළාඳුරු ප‍්‍රභේද ඇත. එනම් හීන් කළාඳුරු, මහ කළාඳුරු, දිය කළාඳුරු යනුවෙනි. හීන් කළාඳුරු හා මහා කළාඳුරු අප රටේ ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. එනමුදු දිය කළාඳුරු අප රටේ භාවිතයට නොගන්නා අතර ඉන්දියාව ඖෂධයක් ලෙස භාවිතා කෙරේ.කළාඳුරු ශාකයේ ප‍්‍රභේද තවත් 4 ක් ඇත.1. මුස්තක2. භද්‍ර මුස්තක3. නාගර මුස්තක4. කෛවර්ග මුස්තකවශයෙනි.කළාඳුරු ප‍්‍රභේද අතර භද්‍ර මුස්තක සාමාන්‍ය ප‍්‍රභේදයක් ලෙසින් සලකන අතර, නාගර මුස්තක තෙත් ප‍්‍රදේශයේ හටගනු ලබයි. කෛව මුස්තක කළාඳුරු දියෙහි හට ගනී. පැළෑටිය සෙන්ටි මීටර් 15 - 30 ක් පමණ උසැති වේ. ඖෂධ ලෙස කොළ සහ අල භාවිතයට ගනු ලබයි.මෙම කළාඳුරු ඖෂධය භාවිතයට ගැනීමෙන් ආමාශයාන්ත‍්‍ර කි‍්‍රයා වැඩි දියුණු වේ. අතීසාරයට ඉතා ගුණදායක වේ. පණුවන් නසයි. මව්කිරි වඩයි. කෙස් වැවෙයි. තුවාල සුව කිරීම සිදු වේ. බඩගින්න වඩයි. අන්ත‍්‍ර ශක්තිමත් කිරීම සිදු වේ. මේ අයුරින් දේශීය වෙදකමට හා ආයුර්වේද වෛදකමට විශේෂයෙන් යොදා ගනු ලබයි.අප රටේ සෑම ප‍්‍රදේශයකම පැතිර පවතින බැවින් වගාවක් ලෙස වගා නොකෙරේ. එනමුදු මෙම ඖෂධයට ඇති ඉල්ලුම මත වෙළඳ පොළ තුළ හොඳ මිලක් ඇත. තවද මෝරා වැඩෙන කළාඳුරු අල සකස් කර වියළා වෙළඳ පොළ වෙත අලෙවි කළ හැක.අපගේ විවිධ ලෙඩ රෝග සුවකර ගැනීමට ඉතා පහසුවෙන් සපයා ගත හැකි මෙම ඖෂධය නිරතුරුව භාවිතා කිරීමෙන් ශරීරය තුළ හටගන්නා ලෙඩ රෝග සුවකර ගැනීමට හැකි වේ. එමගින් නිරෝගිමත් ජනතාවක් අප රට තුළ බිහිකර ගැනීමට හැකියාව ඇත. එබැවින් මෙවන් ඖෂධයන් අප රට තුළ විනාශවීමට ඉඩ නොදී රැක ගැනීම අපගේ පරම යුතුකමකි.


ඇප්‍රිකොට් - Apricot - Prunus armeniaca



The apricotPrunus armeniaca, is a species of Prunus, classified with the plum in the subgenus Prunus. The native range is somewhat uncertain due to its extensive prehistoric cultivation.

Scientific classification
Kingdom:             Plantae
(unranked):        Angiosperms
(unranked):        Eudicots
(unranked):        Rosids
Order:   Rosales
Family:  Rosaceae
Genus: Prunus
Subgenus:           Prunus
Section:                Armeniaca
Species:               P. armeniaca
Binomial name
Prunus armeniaca
L.
Synonyms

Armeniaca vulgaris Lam.[1] Amygdalus armeniaca (L.) Dumort.


වැඩිදුර කියැවීම්