අතීතයේ සිටි සිංහලයෝ අප අවට පිහිටි විවිධ ගස්වැල් හා පැළෑටි පිළිබඳ තොරතුරු හොඳින් දැන සිටියහ. නමුත් වර්තමානය වනවිට එවැනි දැනුමැත්තන් කෙමෙන් අඩුවී යන බැව් පෙනෙන්නට තිබේ. බොහෝ ගස්වැල් හා පැළෑටි දුටුවිට එය කුමක්දැයි නම්කරන්නට දැනුමක් ඇති පුද්ගලයන් දුලභය. එයින් සිදුවන්නේ අප අවට ඇති වටිනා ගහකොළ පිළිබඳ ඇති වටිනාකම් කෙමෙන් අඩුවී යාමය. අප හා පරිසරය අතර ඇති සබැඳියාව මේ නිසා තුරන්ව යා හැකිය. මේ බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ විවිධ ස්ථානයන්හිදී හමුවන අප දන්නා හා නොදන්නා ගස්වැල් හා පැළෑටි පිළිබඳ කෙටි තොරතුරු, ඡායාරූප හා හැකි අවස්ථාවලදී වීඩියෝ දර්ශන ඉදිරිපත්කිරීමය. ඔබ දන්නා තොරතුරු හා ඡායාරූප ඇත්නම් අපවෙත දන්වන්න. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිසම වනු ඇත.

Saturday, October 26, 2013

කළාඳුරු - Kalanduru


දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ නැතිවම බැරි ඖෂධයක් වේනම් ඒ කළාඳුරු ඖෂධයයි. විශේෂයෙන් බොහෝ දෙනා හඳුනන ඖෂධ ශාකයකි. තරුණ, මහලු සියලු දෙනාට එකසේ ප‍්‍රයෝජනයට ගත හැකි ඖෂධයකි. මෙම ඖෂධ ශාකය කෙලින් වැඩෙන සිහින් කොළ ඇති කුඩා අලයක් සහිතව හටගනී.මෙම ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයේ CYPERUS ROTUNDUS  යනුවෙන් ද, කුලය CYPERACEAE (මුස්තක) ලෙසිනි. මෙම ශාකයේ විශේෂත්වය නම් අප රටේ සෑම ප‍්‍රදේශයකම වැඩීමයි. කළාඳුරුවල මල් ඉතා සරලව පිහිටනු ලබයි. මෙහි බීජ ඇට කළු පාටින් යුක්ත වේ. තවද කළාඳුරු ප‍්‍රභේද ඇත. එනම් හීන් කළාඳුරු, මහ කළාඳුරු, දිය කළාඳුරු යනුවෙනි. හීන් කළාඳුරු හා මහා කළාඳුරු අප රටේ ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි. එනමුදු දිය කළාඳුරු අප රටේ භාවිතයට නොගන්නා අතර ඉන්දියාව ඖෂධයක් ලෙස භාවිතා කෙරේ.කළාඳුරු ශාකයේ ප‍්‍රභේද තවත් 4 ක් ඇත.1. මුස්තක2. භද්‍ර මුස්තක3. නාගර මුස්තක4. කෛවර්ග මුස්තකවශයෙනි.කළාඳුරු ප‍්‍රභේද අතර භද්‍ර මුස්තක සාමාන්‍ය ප‍්‍රභේදයක් ලෙසින් සලකන අතර, නාගර මුස්තක තෙත් ප‍්‍රදේශයේ හටගනු ලබයි. කෛව මුස්තක කළාඳුරු දියෙහි හට ගනී. පැළෑටිය සෙන්ටි මීටර් 15 - 30 ක් පමණ උසැති වේ. ඖෂධ ලෙස කොළ සහ අල භාවිතයට ගනු ලබයි.මෙම කළාඳුරු ඖෂධය භාවිතයට ගැනීමෙන් ආමාශයාන්ත‍්‍ර කි‍්‍රයා වැඩි දියුණු වේ. අතීසාරයට ඉතා ගුණදායක වේ. පණුවන් නසයි. මව්කිරි වඩයි. කෙස් වැවෙයි. තුවාල සුව කිරීම සිදු වේ. බඩගින්න වඩයි. අන්ත‍්‍ර ශක්තිමත් කිරීම සිදු වේ. මේ අයුරින් දේශීය වෙදකමට හා ආයුර්වේද වෛදකමට විශේෂයෙන් යොදා ගනු ලබයි.අප රටේ සෑම ප‍්‍රදේශයකම පැතිර පවතින බැවින් වගාවක් ලෙස වගා නොකෙරේ. එනමුදු මෙම ඖෂධයට ඇති ඉල්ලුම මත වෙළඳ පොළ තුළ හොඳ මිලක් ඇත. තවද මෝරා වැඩෙන කළාඳුරු අල සකස් කර වියළා වෙළඳ පොළ වෙත අලෙවි කළ හැක.අපගේ විවිධ ලෙඩ රෝග සුවකර ගැනීමට ඉතා පහසුවෙන් සපයා ගත හැකි මෙම ඖෂධය නිරතුරුව භාවිතා කිරීමෙන් ශරීරය තුළ හටගන්නා ලෙඩ රෝග සුවකර ගැනීමට හැකි වේ. එමගින් නිරෝගිමත් ජනතාවක් අප රට තුළ බිහිකර ගැනීමට හැකියාව ඇත. එබැවින් මෙවන් ඖෂධයන් අප රට තුළ විනාශවීමට ඉඩ නොදී රැක ගැනීම අපගේ පරම යුතුකමකි.


No comments:

Post a Comment