අතීතයේ සිටි සිංහලයෝ අප අවට පිහිටි විවිධ ගස්වැල් හා පැළෑටි පිළිබඳ තොරතුරු හොඳින් දැන සිටියහ. නමුත් වර්තමානය වනවිට එවැනි දැනුමැත්තන් කෙමෙන් අඩුවී යන බැව් පෙනෙන්නට තිබේ. බොහෝ ගස්වැල් හා පැළෑටි දුටුවිට එය කුමක්දැයි නම්කරන්නට දැනුමක් ඇති පුද්ගලයන් දුලභය. එයින් සිදුවන්නේ අප අවට ඇති වටිනා ගහකොළ පිළිබඳ ඇති වටිනාකම් කෙමෙන් අඩුවී යාමය. අප හා පරිසරය අතර ඇති සබැඳියාව මේ නිසා තුරන්ව යා හැකිය. මේ බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ විවිධ ස්ථානයන්හිදී හමුවන අප දන්නා හා නොදන්නා ගස්වැල් හා පැළෑටි පිළිබඳ කෙටි තොරතුරු, ඡායාරූප හා හැකි අවස්ථාවලදී වීඩියෝ දර්ශන ඉදිරිපත්කිරීමය. ඔබ දන්නා තොරතුරු හා ඡායාරූප ඇත්නම් අපවෙත දන්වන්න. එය බොහෝ දෙනාගේ හිතසුව පිණිසම වනු ඇත.

Saturday, October 26, 2013

රම්පා - Rampa - Rampe - Pandanus amaryllifolius




ලංකාවේ වෙසෙන ඔබට රම්පෙ අමුතු දෙයක් නොවේ. ඕනෑම නිවසක රම්පෙ පඳුරක් දකින්නට ලැබේ. තම නිවසේ රම්පෙ තිබුණත් වෙළක නියරේ හෝ පාරේ කොතැනක හෝ රම්පෙ වැවී සරුවට තිබුණොත් ඉන් කොළයක් 2ක් කඩාගෙන ඒමට අප ගැමියා පුරුදුව සිටී.

කලක සිට පැවතෙන ලාංකීය අන්‍යතාවක් වැනිය. රම්පෙ, කරපිංචා ටිකක් අහලට පහලට ගියවිට රැගෙන ඒම විශේෂයෙන් රම්පෙ සුවඳ කාරකයකි. බත් පිසිනවිට රම්ප කැබැල්ලක් දමා ඉව්වොත් එය රසය සේම සුවඳ ද නොඅඩුව ලැබෙන බව දන්නා කරුණකි.

තෙලේ බැදගත්විට හෝ රත් කළවිට සැර ප්‍රනීත සුවඳක් හා රසක් ගෙනදෙනු ලබයි. රම්පෙවලට ම ආවේණික සුවඳක් ඇත. එය කෑම රුචිය වඩවන සුළුය. මස් හෝ මාළු ව්‍යංජන පිසින විටදී රම්පෙ භාවිතාවේ. අල ව්‍යංජන වැනි එළවළුවලදී ද රම්පෙ යොදාගනී. රම්පෙ අව්වේ වියළා ගැනීමෙන් පසුව ද භාවිතා කළ හැකිය.

රම්පෙ භාවිතය සමහර හාල්වල ඇති දුගඳ නැති කිරීමට ද ඉවහල් වන බව ගෘහණිය දනී. ඒ නිසා සහල්වල රම්පෙ කොළ කැබැල්ලක් දමා බත උයයි. එවිට එහි සුවඳට සහල්වල ඇති අපි‍්‍රය දනවන ගඳ පහව යයි. විශේෂයෙන් මෙය සුවඳකාරකයක් වේ.

සීනි සම්බලයකට, බැදුමකට රම්පෙ එකතු කරගැනීමෙන් වැඩි සුවඳක් සේම රසයක් ද මතුකර ගත හැකි බව ඔබ දන්නා කරුණකි. නිතර නිතර ඉවුම් පිහුම්වලදී ගෘහණිය රම්පෙ එකතු කරගන්නා නිසා පහසු ක්‍රමයකට එය එක්කර ගැනීමට නම් කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කරපිංචා සමඟ රම්පෙ ද ස්වල්පයක් එක්කර යාන්තමින් රත්කර කුඩුකරගන්න. එය ව්‍යංජනවලට එක්කරගැනීමෙන් රසය වඩ වඩා දැනෙනු ඇත.

නිතර දෙවේලේ සාදන කිරි හොදි, අල යනාදි වැනි ආහාර සඳහා රම්පෙ නැතුවම බැරි ගානය. ආහාර රස ගැන්වීම සේම ආහාර මේසය අලංකාරය පිණිසද රම්පෙ භාවිතා කළ හැකිය. තරමක ලොකු දිගටි කොළ පිහිටීම මෙහි ඇති සුවිශේෂී ගුණාංගයි. නිර්මාණයට පහසු කොළ ඇති බැවින් කෑම මේස අලංකාරයට යොදා ගැනීම සිදු කරයි.

රම්පෙ, පොඩි ගස් සේම ලොකු ගස් ද ඇත. මින් මෙහි ඇති නියම රම්පෙ රසය හා සුවඳ ගත හැක්කේ ලොකු ගස්වලිනි. පරිප්පු, කෙහෙල්මුව වැනි ව්‍යංජන තෙම්පරාදු කිරීමේදී හීනියට කපාගත් රම්පෙ එකතුකර ගැනීමේදී එයින් පි‍්‍රය උපදවන රසයක් ලැබේ. මුළුතැන්ගෙයිදී රම්පෙවලට විශේෂ ස්ථානයක් හිමිවන්නේ මෙවැනි කරුණූ හේතු කොටගෙනය.

අද වෙළඳපළේ ඇති රසකාරකවලට වඩා තම ගෙවත්තේ සිටුවන රම්පෙ වැනි ශාකයකින් රසකාරකයන් ගන්නට හැකි නම් නිරෝගී සම්පන්නව ජීවත්වීමට ඉඩ ලැබෙනවා නොඅනුමානයි.

Source - http://www.dinamina.lk/arogya/art.asp?id=2011/08/31/apg16_1


Pandanus amaryllifolius is a tropical plant in the Pandanus (screwpine) genus, which is commonly known as pandan leaves and is used widely in Southeast Asian cooking as a flavoring. The characteristic aroma of pandan is caused by the aroma compound 2-acetyl-1-pyrroline, which also gives white bread, jasmine rice and basmati rice (as well as bread flowers Vallaris glabra) their typical smell.[1] The plant is rare in the wild, but is widely cultivated. It is an upright, green plant with fan-shaped sprays of long, narrow, blade-like leaves and woody aerial roots. The plant is sterile, flowers only grow very rarely, and is propagated by cuttings.
Contents  [hide]
1 Culinary use
2 References
2.1 Sources
3 External links
Culinary use[edit]

In Bangladesh it is called ketaki, along with the other variety of pandan there (Pandanus fascicularis), and is used to enhance the flavor of pulao, biryani and sweet coconut rice pudding, payesh. It is called pandan wangi in Indonesian, soon-mhway in Burmese, pandan in Filipino, bai tooey in Thai, rampe in Sinhala, sleuk toi in Khmer, Daun Pandan in Nonya cooking [2] lá dứa in Vietnamese and बासमतिया पौधा [bɑːsmət̪ɪjɑː pɑʊd̪ʱɑː] "fragrant plant" in Magahi and Bhojpuri due to its fragrance.
The leaves are used either fresh or dried, and are commercially available in frozen form in Asian grocery stores in nations where the plant does not grow. They have a nutty, botanical fragrance which enhances the flavor of Indonesian, Singaporean, Filipino, Malaysian, Thai, Bangladeshi, Vietnamese, Chinese, Sri Lankan, Khmer and Burmese foods, especially rice dishes and cakes.

Biriyanikaitha in Kerala, India
The leaves are sometimes steeped in coconut milk, which is then added to the dish. They may be tied in a bunch and cooked with the food. They may also be woven into a basket which is used as a pot for cooking rice. Pandan chicken, or gai ob bai toey, is a Thai dish with chicken wrapped in pandan leaves and fried. The leaves are also used as a flavoring for desserts such as pandan cake and sweet beverages. Also, Filipinos use pandan as a flavoring in buko pandan salad.[3]
Bottled pandan extract is available in shops; it often contains green food coloring. The leaves also have a repellent effect on cockroaches.

Source - http://en.wikipedia.org/wiki/Pandanus_amaryllifolius


2 comments:

  1. Trees And Plants Of Sri Lanka: රම්පා - Rampa - Rampe - Pandanus Amaryllifolius >>>>> Download Now

    >>>>> Download Full

    Trees And Plants Of Sri Lanka: රම්පා - Rampa - Rampe - Pandanus Amaryllifolius >>>>> Download LINK

    >>>>> Download Now

    Trees And Plants Of Sri Lanka: රම්පා - Rampa - Rampe - Pandanus Amaryllifolius >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete